බදුල්ල සිට කොළඹ කොටුව දක්වා (15) දින ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් කොළඹ කොටුව දක්වා ගමන් කිරිමට විශාල මගින් පිරිසක් එක්වි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.
හැටන් දුම්රිය ස්ථානයෙන්ද එම දුම්රියෙන් ගමන් කිරිමට දෙස් විදෙස් සංචාරකයන් මෙන්ම කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිට සිංහල හින්දු අලුත් අවුරුද්දට හැටන් ප්‍රදේශයට පැමිණ සිටි විශාල පිරිසක්ද සිටිහ.
උඩරට මැණිකේ දුම්රියෙන් බදුල්ල සිට හැටන් දක්වා පැමිණි මගියෙකු කියා සිටියේ දුම්රියෙන් ගමන් කිරිමට මගින් විශාල පිරිසක් සිටින නිසා උත්සව සමය අවසන් වන තෙක් අතිරේක දුම්රිය වාර කිහිපයක් ධාවනයට එක් කල යුතු බවයි.
(හැටන් – රංජිත් රාජපක්ෂ)