දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ සේරුපිටිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගින්නකට හසුවී පිළිස්සී මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, 74 හැවිරිදි සේරුපිටිය, දමනේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා ගොවිතැන් කටයුතු සඳහා කුඹුරේ පිදුරුවලට ගිනි තැබීමට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර, නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් මියගිය පුද්ගලයාගේ මුණුබුරා කුඹුරට ගොස් සොයා බලා තිබෙනවා.
එහිදී සීයා ගින්නට හසුව ඇති බව ඔහු දැක තිබෙනවා.