ඊයේ (17) රාත්‍රී 11.14 ට පමණ ජපානයට බටහිර දෙසින් පිහිටි කියුෂු සහ ෂිකෝකු දූපත් වෙන් කරන ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 6.3ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
මෙම භූමිකම්පාවෙන් සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.