විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබෙනවා.
එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළා.
ඉකුත් 05 වැනි දා රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කෙරුණා.