ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බල මණ්ඩලය අද (09) පස්වරුවේ පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා.
මෙහිදී සමගි ජන බලවේගය ඇතුලු විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනයෙන් ගොඩනැගෙන සමගි ජන සන්ධානය සමග සන්ධාන ගත වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හයදෙනා සම්බන්ධයෙන් තිරණයක් ගැනීමට නියමිත බවද වාර්තා වනවා.