මෙරට විදේශ රැකියා ක්ෂේත්‍රයේ පෙරලියක් කරමින් ඊශ්‍රාලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තොරාගත් පිරිසට නේවාසික රැකියා පුහුණුවක් ලබාදීම ඊයේ (19) දින උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ දී ආරම්භ වුනා.

අමාත්‍යවරයාගේ සහ උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර නායක ස්වාමීන් වහස්සේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන දියත් වුන අතර මෙම වැඩසටහන මගින් ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා වලට යොමුවන පිරිස් හට විදිමත් රැකියා පුහුණුවක් මෙන්ම ආකල්ප වර්ධණය කිරීමක්ද සිදුකිරීමට අපෙක්ෂිතයි.

මෙහිදී අභියෝග වලට මුහුණ දෙමින් සාර්ථකව සිය රැකියාව කිරීමටත් මෙරටට පැමිණි පසු ව්‍යවසායකයෙකු වශයෙන් සාර්ථක වීමට අවශ්‍ය පුහුණුවද ලබාදීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here