පාර්ලිමේන්තුව අද (02) දිනයේ රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
අද දිනයේ බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග කිහිපයක් සහ එකතු කළ අගය මත බදු පනත යටතේ රෙගුලාසි කිහිපයක් විවාදයට ගැනීමට නියමිතයි.