යුක්රේනයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මන්දිරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් දැඩි හානි සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කළු මුහුදේ ඔඩේසා වරායට ආසන්නයේ පිහිටි මෙම මන්දිරය ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 28ක් බව පවසන එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
යුක්රේනයේ හිටපු නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසාහි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.