පොළොන්නරුව ගිරිතලේ යාය හතර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදුව ඇතැයි කියන වෙඩිතැබීමකින් වයස අවුරුදු දාහතයි මාස පහක කාන්තාවක් තුවාල ලබා දැඩි අසාධ්‍යව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ තරුණිය දැනට වසර දෙකකට පමණ සිට ප්‍රදේශයේ 40 හැවිරිදි පුද්ගලයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර,  මාස පහකට පෙර ඇය සම්බන්ධ වී සිටි පුරුෂයාගෙන් ඈත්ව තම දෙමාපියන් ගාව ජීවත්ව සිට ඇති බවත් ඊයේ රාත්‍රී අවුරුදු සාදයකට ඥාතී නිවසකට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පරීක්ෂණ සිදු කරන මින්නේරිය පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර අදාළ කාන්තාව මේ වන විට පොළොන්නරුව මහ රෝහලෙන් පේරාදෙණිය රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

(උපුල් ශාන්ත – පොළොන්නරුව)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here