ශ්‍රී ලංකාව 2028 වසර වන විට බිම්බෝම්බ හා පුපුරා නොගිය යුද්ධෝපකරණ වලින් තොර රටක් බවට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමට තව කිලෝමීටර් 23 ක් පමණ තිබෙන බවයි.
ලෝක බිම්වෙඩි දින ජාතික උත්සවයට සහභාගී වෙමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කර සිටියා.
මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ බිම්බෝම්බ තිබූ සමස්ථ භූමියෙන් කිලෝමීටර් 1340.87 ක ප්‍රදේශයක බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත්, එම ප්‍රදේශයෙන් බිම්බෝම්බ 2,492,081 ක් සොයාගෙන විනාශ කර තිබෙන බවයි.
උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කර සිවිල් පුරවැසියන්ගේ අනාගත සුරක්ෂිතතාවය පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තවදුරටත් සඳහන් කර සිටියා.