වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ගිනිඅවි හතක් සහ වියලි ගංජා කිලෝග්‍රෑම් එකසිය හැත්තෑ එකක් සොරකම් කිරිමේ සිද්ධියකට සම්බන්ධ වැල්ලවාය අධිකරණයේ සේවකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු මොණරාගල කොඨ්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහි ප්‍රධාන සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙක් ලෙස සේවය කරමින් සිටි අයෙක් වන අතර ඔහුට අධාර අනුබල දුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ ම සේවය කරන තවත් සේවකයෙක් සහ ඔවුන් විසින් සොරකම් කල සොරබඩු මිලදී ගත් සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විසින් ව්‍යාජ යතුරක් නිර්මාණය කර දීර්ඝකායක සිට නඩු භාණ්ඩ කාමරය තුල තිබූ වියලි ගංජා සහ ගිනිඅවි සොරකම් කර මෙලෙස විවිධ පුද්ගලයන් හට අලෙවි කර ඇති බවට විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
එලෙස අලෙවි කර තිබූ විදෙස් රටක නිෂ්පාදිත බෝර දොලහ වර්ගයේ ගිනිඅවි දෙකක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් අධිකරණ සේවකයන් දෙදෙනා කොස්ලන්ද සහ වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැදවුම් නියෝග ලබාගෙන ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල කොඨ්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
(ජයන්ත වීරසේකර- වැල්ලවාය )