හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථය නිරූපිකාවක් වන පියුමි හංසමාලි භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මගේ රට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඊයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

“මැතිවරණයක් අත ළඟ. දේශපාලඥයන් තමන් ඉතිරි කර ගත් කළු සල්ලි සියල්ල ඉදිරි මැතිවරණ ව්‍යාපාරවලට වියදම් කිරීමට සුදානම් වෙනවා. මුදල් විශුද්ධිකරණයේ යෙදෙන ජනතාවට එය හොඳ කාලයක් වී ඇති බවත් පැහැදිලියි. ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථය (CBH 1949) පියුමි හංසමාලි ලබා ගත්තේ කොහොමද යන්න පිළිබඳව අපට යම් සැකයක් තිබෙනවා.රේන්ජ් රෝවර් වාහනය දුන්නේ හිටපු ජනාධිපතිවරයාටද නැතිනම් ගෝඨාභය පියුමිට දුන්නාද කියන ප්‍රශ්නය මතුවෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here