“උරුමය ” වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 ක් ආවරණය වන පරිදි සින්නක්කර ඉඩම් ඔප්පු 700ක් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ වවුනියාව මෝජෝ උත්සව ශාලාවේ දී සිදු විය.
“උරුමය” වැඩසටහන යටතේ වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඔප්පු 5400ක් ලබාදීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ මෙම ඔප්පු ප්‍රදානය සිදු කෙරිණි.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම කෘෂි නවීකරණ වැඩපිළිවෙළේ ආරම්භක අවස්ථාව බවයි.
කෘෂි නවීකරණ වැඩසටහන යටතේ ඉදිරි වසර තුන තුළ නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන යාමට කටයුතු කරන බවත්, නවීන තාක්ෂණය භාවිතයෙන් තම නිෂ්පාදන වැඩි කර ගනිමින් ආදායම් ඉහළ නංවා ගැනීමට එමඟින් ජනතාවට අවස්ථාව උදාවන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම යනු රජය සතු දේපල පුද්ගලීකරණය කිරීමක් බවත් එය රටේ ආර්ථිකය නංවාලීම සඳහා සෘජුව දායක කර ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.