ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමට හසු වූ ගනුදෙනුකරුවන්ට වසර දෙකක් ඇතුළත එම මුදල් යළි ලබා දිය හැකි බව ආයතනයේ විත්තිකාර අධ්‍යක්ෂකවරුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තිළිණ ගමගේ මහතා ඉදිරියේ සිය නීතිඥවරයා මගින් කරුණු දක්වමින් අද පැවසීය. 

ඔන් මැක්ස් ආයතනයේ දත්ත අනුව තැන්පත්කරුවන් 61206ක් සඳහා ඩොලර් මිලියන දහඅටදහසක් යළි ගෙවීමට ඇති බවත්,නඩු පැවරීමෙන් අනතුරුව ඩොලර් මිලියන 25000ක් ඇති බවත් ඔන්මැක්ස් ආයතනය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනූජ පේමරත්න මහතා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here