වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ඉදිකිරීමට දායක වීම පිළිබඳව නෙදර්ලන්ත රජයට අපගේ කෘතඥතාව පළ කර සිටින බව ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ,නෙදර්ලන්ත රජයේ සහයෝගය මත රුපියල් මිලියන 3329ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය විවෘත කිරීමට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදර් මස්තාන්,
“ආර්ථික වශයෙන් කඩා වැටුණු අපේ රට බාර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ක්‍රමක්‍රමයෙන් රට දියුණුව කරා ගෙනයමින් සිටිනවා. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමාට කොපමණ ස්තුති කළත් ප්‍රමාණවත් නැහැ . භයානක තත්ත්වයක තිබූ මේ රට එතුමා විසින් මේ වන විට යහපත් රාජ්‍යයක් බවට පත් කර තිබෙනවා.
මෙම ප්‍රදේශයේ බොහෝ රෝහල් කාර්ය මණ්ඩල හා භෞතික සම්පත් හිඟයකට මුහුණ දී සිටිනවා. රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදකාරී තත්ත්වය තුළ එම ගැටළු සියල්ල එකවර විසඳන්න බැහැ. නමුත් ජනාධිපතිතුමා පියවරෙන් පියවර එම ගැටළු විසඳමින් සිටිනවා. ඊට සහාය වෙමින් අනාගතයේදී අපේ ප්‍රශ්න විසඳා ගැනීමට කල්පනාකාරීව කටයුතු කළ යුතුයි.”