කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියෙකු මියගොස් ඔහුගේ 7 හැවිරිදි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අසුරුමුණි තස්මින් මදුවන්ත සිල්වා නමැති (38) හැවිරිදි තිදරු පියකු බව පොලිසිය කීය.
මියගොස් ඇති පුද්ගලයා කටුකුන්ද දුම්රිය පොළ පාරේ පදිංචි නිවසෙහි දරු තිදෙනා සමග රාත්‍රි ආහාරය ලබා ගනිමින් සිට ඇති බවත්,යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇති බවත් මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇති පුද්ගලයා මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධයෙන් පුද්ගලයකු බවද පොලිසිය සදහන් කරයි.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරී නිලධාරින්, කළුතර අපරාධ කොට්ටාශය , කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, කළුතර පයාගල බේරුවල ස්ථානාධිපතිවරුන් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් සහ විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ පවත්වති.
කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර, සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
(සම්පත් කුලරත්න – කළුතර)