මෙරට සංගීත ක්ෂේත්‍රයට අනූපමේය යුග මෙහෙවරක් සිදු කළ ප්‍රවීණ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා මහතා 26 දින අභාවප්‍රාප්ත විය.   

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 22 දින ඒ මහතා මහනුවර ජාතික රෝහල වෙත ඇතුලත් කොට ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී 26 දින පස්වරුවේ ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.                                                                  

මිය යන විට 67 වන වියේ පසු වූ ඒ මහතා දෙදරු පියකු වන අතර ඒ මහතාගේ භාර්යාව වූ මංගලිකා පෙරේරා මහත්මිය කියා සිටියේ මීට වසර 04 පමණ පෙර ආනන්ද පෙරේරා මහතා වකුගඩු බද්ධ කිරීමකට භාජනයව ඉන්පසුව අපහසුතාවයකින් තොරව මෑතක් වනතුරු කලා කටයුතුවල නියැලුණු බවත් මෙරට කලා ක්ෂේත්‍රයට ගායන වාදන ශිල්පීන් රැසක් බිහිකළ තම ස්වාමිපුරුෂයාගේ අභාවය ඉදිරියේදී රටට විශාල පාඩුවක් වන බව නොඅනුමාන බවය.                                                                               

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ආනන්ද පෙරේරා මහතා 1983 වසරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාදක ශිල්පියෙකු වශයෙන් සංගීත ක්ෂේත්‍රයට ඇතුළත්ව තිබේ.  පසු කලක මහනුවර නගරය කේන්ද්‍ර කොට සුපර් ගේඩ් සංගීත කණ්ඩායම ආරම්භ කළ අතර ඉන්පසුව ඉමහත් ජනප්‍රියතාවයට පත් ශක්ති හා සිහ ශක්ති සංගීත කණ්ඩායම් ආරම්භ කොට එහි නායකයා වශයෙන්ද කටයුතු කළේය.                                                                                                                   

සංගීත භාණ්ඩ රැසක් වාදනය කිරීමේ හැකියාව තිබූ ඒ මහතා දක්ෂ ගායකයෙකු මෙන්ම සංගීත ආචාර්යවරයකුද වන අතර විශිෂ්ඨ සංගීතර නිර්මාණ රැසක් බිහිකොට ඇත.                        

අභාවප්‍රාප්ත වූ ආනන්ද පෙරේරා මහතාගේ දේහය මහනුවර ,කිරිබත්කුඹුර, මොලදන්ඩ, මංගලගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කොට ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු මේ මස 29 වන බදාදා දින පස්වරු 04 ට මහයියාව නාගරික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

(කමල් සුරවීර – මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here