ගුරු – විදුහල්පතිවරුන් වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද(31) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි බල කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ප්‍රකාශ කළේ.

මේ සඳහා රජය නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවද උන්වහන්සේ ප්‍රකාශ කළේ ය.

කෙසේවෙතත් ලංකා ගුරු සංගමය මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කර නැහැ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here