මතුගම ප්‍රදේශයේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කටුගහහේන ඩන්කන් නැමති අයට අයත් ගිනි අවියක් මැණික්ගොඩ ප්‍රදේශයේ ඇල ඉවුරක වල දමා තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මතුගම ප්‍රදේශයේ සිටි 2020 වසරේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කළ කටුගහහේන ඩන්කන් නමැති අයට අයත් ගිනි අවියක් තිබූ බවට දීර්ඝ කාලයක් තිස්සේ පොලිසිය විසින් විමර්ශන සිදුකළද එම ගිනි අවිය සොයා ගැනීමට පොලිසිය අසමත් විය.

මෙම ගිනි අවිය පිළිබඳව දැනට දින කිහිපයකට පෙර පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි ස්ථාපිත සංවිධානාත්මක අපරාධ වර්ධනය කිරීමේ 16 ඒකකයේ පොලිස් කොස්තාපල් ප්‍රභාත් ටමහතාට ලැබුණු තොරතුරක් මත අද උදෑසන කටුගහහේන මැණික්ගොඩ ප්‍රදේශයේ ඇල ඉවුරක බෝතලයක දමා වල දමා තිබූ මිලිමීටර් 8 ස්වයංක්‍රීය ගිනි අවියක් එම ගිනි අවියට යොදන මැගසීනයද සමඟ පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

කටුගහහේන ඩන්කන් නැමැත්තා ජීවත්ව සිටියදී මෙම අවිය ඔහු සන්තකයේ තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබුණි.එම ගිනි අවිය ඉතා සූක්ෂම ලෙස ඇල ඉවුරේ වලදමාතිබූ අතර ,එය මනා ක්‍රියාකාරීත්වයේ පවතින ගිනි අවියක් බවට පෙනී ගොස් ඇති නිසා මෙම ගිනි අවිය මෙම ස්ථානයෙන් ගොඩගෙන වෙනත් පුද්ගලයින් ඝාතන සඳහා භාවිතා කළේ ද යන්න පිළිබඳව විශේෂ අපරාධ මැඬලීමේ ඒකකය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබන අතර,මෙම ගිනි අවිය මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ භාරයට පත් කිරීමට නියමිතයි.

(සම්පත් කුලරත්න – කළුතර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here