තල්මසුන්ගේ වමනය හෙවත් අම්බරු කිලෝ තිහකට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා බුද්ධි අංශ නිලධාරණයට ලද තොරතුරක් මත බේරුවල පොලීසියේ ස්ථානාධිපතිතුමාගේ මෙහෙයවීම මත බේරුවල පොලිසියේ දූෂණ මර්දන අංශය නිලධාරීන් ඊයේ සවස බේරුවල කරදගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අම්බරු හෙවත් තල්මසුන්ගේ වමනය නමින් යැයි හඳුන්වන මිල කළ නොහැකි අම්බරු කිලෝ තිහයි ග්‍රෑම් පන්සියයක් ඔහුගේ නිවසේ තිබී සොයා ගන්නා ලදී.
බේරුවල කරදගොඩ ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය ඇත්තේ මෙම අම්බරු මුහුදේ පාවෙමින් තිබියදී ධීවර රැකියාවේ නිරත වන ආතර ඔහු ඒවා ධීවර බෝට්ටුවට දමාගෙන ඔහුගේ නිවසට රැගෙන ගොස් ඇති බවයි.මෙම අම්බරු විශේෂය විවිධ උපකරණ හා සුවඳ විලවුන් සෑදීමට යොදා ගන්නා විරල ද්‍රව්‍යයක් වන අතර මේවා සන්තකයේ තබා ගැනීම නීති විරෝධී වේ.
සැකකරු අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(සම්පත් කුලරත්න – කළුතර)