කහවත්ත ඕපාත වතුයායේ අංක තුන කොටසේ තේ ගස්වලට පොහොර දමමින් සිටි කාන්තාවන් පිරිසක් මතට මාරගසක් කඩා වැටීමෙන් ඵක් කාන්තාවක ඡීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා තිබෙන බව කහවත්ත පොලීසිය පවසනවා.

මෙලෙස ඡීවිතක්ෂයට පත්ව ඇත්තෙ තමිල් චෙල්වී (46) වතුකම්කරු කාන්තාවක්.

තද සුළගක් සමග මෙම දැවැන්ත මාර ගස වැටී තිබෙන අතර ගසට යටවි සිටි කාන්තාවන් තිදෙනා වතු කම්කරුවන් පිරිසක් විසින් ඉවතට ගත්තද එක් අයකු රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසනවා.

ගස කඩා වැටුණු ස්ථානය දුෂ්කර ප්‍රදේශයක දුෂ්කර මාර්ගයක පිහිටි නිසා තුවාලකරුවන් රෝහල් ගත කිරිමට පැයක් පමණ කාලයක් ගතවි තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here