වහාම ක්‍රියාත්මක වන පරිදි LPL විසින් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් අහෝසි කරන බව නිවේදනය කර තිබෙනවා.
මේ අතර තරඟ පාවාදීමේ චෝදනා මත දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරුවෙකු වන බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත බංග්ලාදේශ ජාතික පුද්ගලයෙක් අද අත්අඩංගුවට ගත් අතර ඔහු මැයි 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
Imperial Sports Group ප්‍රධාන විධායක නිලධාරී තමීම් රහමාන් මුහුණදී ඇති නීතිමය කරුණු සලකා බලා ඉහත තීරණය ගත් බව අදාළ නිවේදනයේ දැක්වෙයි.
වැඩිදුරටත් වාර්තා වෙන්නේ LPL තරගාවලියේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතිය වෙනත් පාර්ශ්වයකට හිමිකර දීමට නියමිත බවය.
එලෙස නව හිමිකාරීත්වය යටතේ දඹුල්ල කණ්ඩායමට LPL තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට හැකියාව පවතින බවද වාර්තා විය.