දිවුලපිටිය ප්‍රදේශයේ උල්වලපොලා ප්‍රදේශයේ අක්කර 4ක ඉඩමක තිබී JR වර්ගයේ අත්බෝම්බයක් උල්වලපොළ ප්‍රදේශයේ වත්ත පිරිසිදු කරමින් සිටි පුද්ගලයකුට හමුවී තිබේ.
මෙම පුද්ගලයා දිවුලපිටිය පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් දී මේ බව කියා ඇත.
ඉන්පසු දිවුලපිටි පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතා සහ නිහාල් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් දිවුලපිටිය උල්වළපොළ ප්‍රදේශයේ අත් බෝම්බේ තිබෙන වත්තට පැමිණ අත්බෝම්බය දිවුලපිටි පොලිසිය වෙත රැගෙන එන ලදී.
එහෙත් මේ JR අත්බෝම්බයට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
අද දින මිනුමන්ගොඩ අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන JR අත්බෝම්බය නිස්සීය කරන්න ඉදිරි දිනයේදී ක්‍රියාත්මක වෙන බව දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති නිහාල් දිසානායක මහතා අප කළ විමසීමකදී පවසයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)
I do not track my cycle priligy otc