අපේ රටේ අධ්‍යාපනය තුළ ක්ෂේත්‍ර කිහිපයක් හැරුණු කොට බහුතරයක් ක්ෂේත්‍ර හරහා බිහිවන උපාධිධාරීන් අවසානයේ එක්වන්නේ රැකියා පෝළිමට බවත් වෙනත් රටවල හෙඩ් හන්ටින් සිදුවන විට අප රටේ ජොබ් හන්ටින් කිරීමට උපාධිධාරීන්ට සිදුව ඇති බවත් අවසානයේ දේශපාලනඥයන් පසුපස ගොස් ‘අනේ සර්’ කියමින් රස්සා සොයා යාමට සිදුව ඇති බවත් මේ තත්වය නැති කිරිමට නම් අධ්‍යාපනයේ නව ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර කැබිතිගොල්ලෑව ගෝනුහද්දෙනාව විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 190 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.