බොරැල්ල – කොටා පාර ආසන්නයේ අතුරු මාර්ගයක ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හදිසියේම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ.

එම මෝටර් රථය නාවික හමුදාවට අයත් එකක් බවයි පැවසෙන්නේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් එම ස්ථානයට පැමිණි නමුත් මෝටර් රථය සම්පුර්ණයෙන්ම විනාශ වීම නතර කිරීමට හැකි වී නැහැ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පැවසෙන්නේ.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here