නාල්ල පොලිස් වසමේ මාලදෙණිය,කිතලවලාව ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය කර ඇති බව වාර්තා වනවා
අද අලුයම හතරට පමණ මාලදෙනිය ප්‍රදේශයේ නිවසකදී බාප්පා,පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් ඥාති පුතා අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.
පාපැදියකින් ගමන් ගත් පුද්ගලයකු පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ තිබී හමුවී ඇත.
පසුව ඔහු පොලිසිය වෙත රැගෙන ගොස් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.
මෙසේ ඝාතනය කර ඇත්තේ තම බිරියගේ බාප්පා,පුංචි සහ ඔවුන්ගේ දරුවා බව මෙතෙක් සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වු බව පොලිසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා