ඊයේ (28) සවස ගල්කිරියාගම බණ්ඩාරපොතාන ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකදී පිය පුතු දෙදෙනාට සිදුකර ඇති පහරදීමකින් පියා මිය ගොස් පුත්‍රයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසයි.
ගල්කිරියාගම පොලිස් වසමට අයත් පුබ්බෝගම බන්ඩාරපොතාන ප්‍රදේශයේ ඊයේ(28) සවස මෙම ගැටුම ඇතිව තිබිණ.
දෙපිරිසක් අතර ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් එම දෙපිරිස අතර මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය කියයි.
දෙපිරිස අතර ඇතිවූ එම ගැටුම දුර දිග යාමෙන් එක් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දීමක් සිදුකර ඇතැයි ද ඉන් එම පුද්ගලයා මිය ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
මෙම ගැටුමේදී පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලබා සිටින තවත් අයෙකු රෝහල්ගතකර ඇතැයි ද පොලිසිය කියයි.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ පියපුතු දෙපලක් බව පොලිසිය කියයි.
ඇති වූ ගැටුමේදී තියුණු ආයුධයකින් සිදුකර තිබූ පහර දීම නිසා බරපතල තුවාල ලබා එම ස්ථානයේ වැටී සිටි පුද්ගලයා ප්‍රෙද්ශවාසීන් හා පොලිසිය එක්ව ගල්කිරියාගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූනද රෝහල් ගත කරන අවස්ථාවේදී එම පුද්ගලයා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මිය ගිය එම පුද්ගලයාගේ සිරුර මේ වනවිට ගල්කිරියාගම ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේ පදිංචිව සිටි නාවුරු අඩුමේ අබ්දුල් හකීම් නමැති 68 හැවිරිදි පුද්ගලයෙකි.
කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ළත් නියෝගයක් අනුව එම මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මේ වනවිට දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීම මේ පොලිසිය පියවර ගෙන ඇත.
පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රදේශයේදී ඇතිව තිබූ මෙම ගැටුමේදී මරණයට පත් පුද්ගලයාගේ පුත්‍රයකු ද පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලබා ඇති අතර ඔහුද ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රදේශයේ පදිංචි අබ්දුල් හකීම් මොහොමඩ් අස්මල් නමැති 37 හැවිරිදි අයෙකු බවත් ඔහුගේ තත්ත්වය ද තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්දිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසි ස්ථානය මඟින් විමර්ශණ අරඹා ඇති අතර එම ඝාතනය හා පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ද මේ වනවිටත් පොලිස් අත්අඩංගුවට ද ගෙන තිබේ.
සිද්දිය සම්බන්ධයෙන් එලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ද පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 72 හා 44 වයස්වල පසුවන්නෝ බව පොලිසිය කියයි.
මෙම ඝාතනය ඇතුළුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අද (29) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
අනුරාධපුර කොට්ඨාස භාර උසස් පොලිස්නිලධාරීන්ගේ නියෝග අනුව ගල්කිරියාගම පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතාගේ උපදෙස් හා මෙහෙයවීම අනුව ගල්කිරියාගම පොලිස් අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක නවරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරයි.
(කැකිරාව කුෂාන් ජයවර්ධන)