දෙස් විදෙස් දානපතීන්ගේ ආධාර සහ පරිත්‍යාගයෙන් රුපියල් කෝටි 50ක වියදමින් ඉදි වූ හෝමාගම කිරිවත්තුඩුවේ “ගුරුදෙව් සුව අරණ” ගිලන් භික්ෂු මධ්‍යස්ථානය ජුනි 01 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිමට නියමිතයි.
විශ්ව ශක්තිය ගලා ඒමට සැකසූ පිරමීඩ හැඩය ගත් කැණිමඩලකින් සමන්විත මෙරට විශාලතම භික්ෂු රෝහල වන මෙය ඉදි කර තිබෙන්නේ යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්.
එකවර භික්ෂූන් වහන්සේ 50 නමකට නේවාසිකව ප්‍රතිකාර ගැනීමට හැකි ලෙස ද, 500 නමකට භාවනානුයෝගීව වැඩ සිටිය හැකි ලෙස ද මෙම භික්ෂු ගිලන් රෝහල ඉදි කර තිබෙනවා.
“ගුරුදෙව් සුව අරණ” ගිලන් භික්ෂු මධ්‍යස්ථානය අඛණ්ඩව පවත්වාගෙන යාමට අරමුදල් භාරයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් පැවසුවේ මෙම රෝහල කොළඹ දිස්ත්‍රික්කයට තවත් වටිනාකමන් එක් කරන බවයි.




