අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 8 කින් පමණ ශක්තිමත් වී ඇති බවයි රාජ්‍ය අමත්‍යවරයා සඳහන් කළේ.

රුපියලේ අගය ඉහළ යාම උද්ධමනය සහ සමස්ත ජීවන වියදම අඩු කිරීමට සහ බාහිර ණය ආපසු ගෙවීම පහසු කිරීමට උපකාරී වන බවයි ඔහු ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here