මධ්‍යම කදුකරය හරහා හමා ගිය දැඩි සුලගකින් ධාවනය වෙමින් තිබු යතුරු පැදියක් මතට ෆයිනස් ගසක් කඩා වැටිමෙන් යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා (22) දින පස්වරුවේ දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ (22) දින පස්වරු 4.20 ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයේදිය.

හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් මතටයි මෙසේ ගස කඩා වැටි ඇත්තේ.

ගස කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පැයක පමණ කාලයක් ඇණ හිට තිබුණි.

මාර්ගයට කඩා වැටුණු ගස කපා ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්යට පත් කල අතර , පවතින දැඩි සුලං තත්ත්වයත් සමග රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here