යතුරුපැදියේ ගමන් ගත් තිදෙනෙකු ගාල්ල, බූස්ස, පින්තලිය හන්දියේ ආරක්ෂක හරස් මාර්ගයේදී දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, තෙලිකඩ පොලිස් වසමට අයත් කැකිල්ලමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 18 ,19හැවිරිදි තරුණයින් තිදෙනෙක්.
ඔවුන් ඊයේ(23) සවස යතුරුපැදියේ ටයරයක් මාරු කරගෙන දන්සල්වලට යාම සඳහා පැමිණෙමින් සිටිය දී දුම්රියේ ගැටී ඇති අතර, තිදෙනාගෙන් එක් අයෙකු එම ස්ථානයේම මියගොස් ඇති බවත් අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය බවත් පොලිසිය පවසනවා.