ඉදිරියේදී ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ව අනුමැතිය ලබාදීමෙන් අනතුරුව පමණක් රුසියාවට ගමන් කිරීම සඳහා අපේක්ෂා කරන හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා වීසා නිකුත්කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
සිය නිල X ගිණුමේ සටහනක් තබමින් විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කර ඇත.
රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා සමග අද (29) කොළඹදී පැවති හමුවක දී මේ බව සාකච්ඡා කර තිබේ.
“රුසියාව-යුක්රේන ගැටුමේදී ශ්‍රී ලාංකිකයින් යොදවා තිබීමේ හදිසි තත්ත්වය පිළිබඳව අපි අවධානය යොමු කළ අතර මෙම ගැටළු විසඳීමට කඩිනම් පියවර ගැනීමට එකඟ විය,” යනුවෙන් ද අමාත්‍යවරයා X ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත.
අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත්තේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ද රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිත බවයි.
Real fantastic info can be found on weblog.Blog range