සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් නිකුත් කල ලොව වැඩිම වැටුප් උපයන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැනට නැවත වතාවක් පත් වීමට පෘතුගාල සුපිරි පාපන්දු තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් ව තිබෙනවා.
රොනාල්ඩෝ ඉකුත් මාස 12ක කාලය තුළ සිය වැටුප් වශයෙන් ඩොලර් මිලියන 260ක් උපයා ඇති අතර ඊට ක්‍රීඩා වැටුප් ඩොලර් මිලියන 200ක් සහ පිටියෙන් පිටත් ඉපැයුම් ලෙස ඩොලර් මිලියන 60ක් ද උපයා තිබෙනවා.
රොනාල්ඩෝ සිව් වැනි වතාවටත් මෙම ලැයිස්තුවේ ප්‍රමුඛයා බවට පත්ව සිටින අතර,
මෙම ලැයිස්තුවේ දෙවැනි තැන සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ජෝන් රහම්ට හිමිව තිබෙනවා.
ඔහුගේ මුලු ඉපැයුම් ලෙස ඩොලර් මිලියන 218ක් ගණන් බලා ඇති අතර ඔහු ඉන් ඩොලර් මිලියන 198ක් ක්‍රීඩා වැටුප් හරහා උපයා ගනු ලබන බවයි පවසන්නේ.
මෙම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ පසුවන්නේ ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව වන ලියොනල් මෙසී වන අතර අදාළ කාලය තුළ ඔහුගේ සමස්ත ඉපැයුම් ප්‍රමාණය ඩොලර් මිලියන 135ක් වනවා.
ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ ඉපැයීම් පිළිබඳ විස්තර පහතින්,
Cristiano Ronaldo (soccer) – $260 million
Jon Rahm (golf) – $218 million
Lionel Messi (soccer) – $135 million
LeBron James (basketball) – $128.2 million
Giannis Antetokounmpo (basketball) – $111 million
Kylian Mbappé (soccer) – $110 million
Neymar (soccer) – $108 million
Karim Benzema (soccer) – $106 million
Steph Curry (basketball) – $102 million
Lamar Jackson (football) – $100.5 million