රටේ අවශ්‍යතාවය අනුව ඉදිරියේදී වාහන ආනයනය කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කර සිටිනවා.

අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, තවදුරටත් වාහන ආනයනය වසා තබාගෙන සිටීමට රජය සූදානම් නැති බවයි.

අද වන විට ඩොලර් බිලියන පහමාරක පමණ සංචිත ප්‍රමාණයක් රජය සතුව පවතින බවයි, රංජිත් සියඹලා පිටිය මහතා වැඩිදුරටත් මාධ්‍ය අමතමින් කියා සිටියේ.

‘දැන් ඉතුරුවෙලා තියෙන්නේ වාහන පමණයි. ඒවත් අවශ්‍යතාවය මත ගේන්න ඉඩ දෙනවා.

සංචාරක කර්මාන්තයට අපි වැඩපිළිවෙළක් යොදලා තියෙනවා.

අවශ්‍ය පරිදි වාහන ගේන්න අනුමැතියක් ඇතිව. එකෙන් දෙන පණිවුඩය මොකක්ද?

අපිට මේක වහගෙන ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට අවශ්‍යයි රට නැවත අර වාගේ හිරවෙන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න.

දැන් අපි ඩොලර් බිලයන 5.5ක සංචිතයක් තියාගෙන ඉන්නවා.

අපිට ගැලපෙන පරිදි, රටේ අවශ්‍යතාවය පරිදි, ඒක කරන්න අපි සූදානම්’ බවයි සියඹලාපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here