කරඳගොල්ල, මලිත්තගොල්ල නායයාම වාර්තා වූ මලිත්තගොල්ල කඳු කොටස ඊයේ (18) දී ක්‍රම ක්‍රමයෙන් ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ දෙසට වැඩියෙන් පැතිරෙමින් තිබූ බවයි වාර්තා වන්නේ.
ඒ ප්‍රදේශයේ වූ නිවාස යට කරමින් නාය යාම සිදුවෙමින් තිබෙන බවයි කියන්නේ.
මේ වනවිට පවුල් දහතුනකට උන් හිටි තැන් අහිමි කරමින් නාය යාම වේගවත් වෙමින් තිබෙන බව වාර්තා වෙනවා.
ඊයේ දිනයේ දීත් රාත්‍රී 8.00 වනවිට ඇල්ල – වැල්ලවාය මාර්ගය වසා දමා තිබුණේ නාය යාම වේගයෙන් සක්රීයවීම හේතුවෙන් බවයි කියන්නේ.
ඊයේ සිට අද උදෑසන 6.00 දක්වා මාර්ගය වසා තැබුවේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.
(මිනුවන්ගොඩ දමිත් තිසර)