ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය නිසා ඇති වූ හදිසි රෝගී තත්වයක් මත ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම සහ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පෙරේදා(21) පැවැති තරඟය නැරඹීම සඳහා ෂාරුක් ඛාන් අහමාදාබාද් නගරය වෙත පැමිණ සිට ඇති බවත් එහිදී ප්‍රීති ඝෝෂා නගමින් අධික ලෙස වෙහෙස වීම හේතුවෙන් ඔහුට විජලන තත්වයක් ඇති ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.
ෂාරුක්ගේ වත්මන් සෞඛ්‍ය තත්වය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් බොලිවුඩ් සුපිරි නිළි ජුහී චව්ලා ප්‍රකාශ කර සිටියේ ෂාරුක් ඛාන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවත් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම සහභාගී වන අවසන් තරඟය නැරඹීමට පැමිණීමට ඔහුට හැකියාව ලැබෙතැයි තමන් විශ්වාස කරන බවත්ය.
I was examining some of your content on this internet site and I conceive this internet site
is very instructive! Continue putting up.Blog monry