මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටී පුද්ගලයෙකු බව පොලිසිය කීය.

මියගොස් ඇති පුද්ගලයා සිය මස්සිනා සමග ඇතිවූ කතාබහකින් පසු දෙදෙනා අතර ගැටුම සිදුව ඇති අතර ඝාතකයාද තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිසිය කීය.

මරණයට පත් වූ පුද්ගලයා;තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමග පොල්හේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නැගණියගේ නිවසට ගොස් සිටියදී මෙම ආරවුල ඇතිවී තිබේ.

මොරොන්තුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වති.

(සම්පත් කුලරත්න – කළුතර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here