ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
උමා ඔය බලාගාරය හරහා ජාතික පද්ධතියට මෙගාවොට් 120ක අතිරේක විදුලි ධාරිතාවක් ලැබීම, ඒ කෙරෙහි සෘජුවම බලපා ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඔහු ඒ බව පැවසුවේ, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ය.