ගසක් කඩා වැටීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුවී තිබෙනවා.
ගස කඩා වැටී ඇත්තේ පේරාදෙණිය සහ ගෙලි ඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයටයි.
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය මෙම හේතුව නිසා ප්‍රමාද වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.