කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයකට ගිනි අවියක් රැගෙන කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනාකමින් යුත් දුරකථන අඩංගු බෑගයක් ඊයේ (26) සවස කොල්ලකා පලා ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, වෙළඳ සංකීර්ණයට පැමිණි පුද්ගලයා පිස්තෝල වර්ගයේ අවියක් පෙන්වා මෙම කොල්ලය සිදුකර යතුරු පැදියක නැගී පලා ගොස් තිබූ බවයි.

කොල්ලකෑම සම්බන්ධයෙන් එම ආයතනයේ සේවය කරනු ලබන පුද්ගලයෙක් සම්බන්ධයෙන්ද සැකයක් හටගෙන ඇතැයිද, අදාළ කොල්ලය ආරක්ෂක කැමරාවක සටහන්ව ඇතැයිද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here