දරුවෙකු ප්‍රසූත කළ බාල වයස්කාර පාසල් සිසුවියක් දරුවා රෝහලේ දමා පලායාමේ සිද්ධියක් පිළිබඳව යාපනය ශික්ෂණ රෝහලෙන් තොරතුරු වාර්තා වෙනවා.

අදාළ පාසල් සිසුවිය 15 හැවිරිදි වියේ පසුවන අයෙකී.

ඊයේ(10) සවස ඇය දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කර ඇති අතර ඒ අනුව මෙම සිසුවිය විසින් දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.

එම දරුවාව රෝහලේ දමා ඇය පැන ගොස් ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය රෝහලේ බල්ධාරීන් විසින් යාපනය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, එම අදාළ සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here