හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ඉදිරියට විශාල මාර ගසක අත්තක් කඩා වැටිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින්ගේ ජිවිත බේරි ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ (23) දින පස්වරු 2 ට පමණ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදිය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණ සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු ලංගම බස් රථය ඉදිරියට මාර ගසේ අතු කිහිපයක් කඩා වැටි ඇත.

අනතුරෙන් බස් රථයේ ඉදිරිපස කොටසට සුළු අලාභ හානි සිදු වි ඇත.

ප්‍රධාන මාර්ගයට ගස කඩා වැටිම හේතුවෙන් හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයක පමණ කාලයක් ඇණ හිට තිබුණි.

ගිනිගත්හේන පොලිසියේ නිලදාරින් සහ ප්‍රදේශවාසින් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටි තිබු ගස කපා ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පස්වරු 3 ට පමණ යලි යථා තත්ත්වයට පත් කෙරිණ.

පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here