ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස විජයදාස රාජපක්ෂ සහ මහ ලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීමට එරෙහිව දුමින්ද දිසානායක මහතා ගොනුකළ පැමිණිල්ලක් නිශ්ප්‍රභ කරන්නැයි ගොනුකළ අභියාචනා පෙත්සම අද යළි විභාගයට ගත්තා.
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ගොනුකළ මෙම අභියාචනා පෙත්සම විභාගයට ගැණුනේ බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේයි.
ගිහාන් කුලතුංග, ෆ්රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද මෙම පෙත්සම විභාගයට ගැණුනේ තුන්වන දිනටයි.
වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළා.
අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම ලබන 31 වනදා තෙක් කල්තැබුණා.