අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ගල්ගමුව, නාන්නේරිය පොලිසියට රැගෙන යන අවස්ථාවේදී සැකකරු විසින් එල්ල කළ පා පහරකින් කොස්තාපල්වරයකුගේ ඇසකට තුවාල සිදු වී තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා මේවන විට අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව නාන්නේරිය පොලිසිය පවසනවා.

මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ නාන්නේරිය පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයක්.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 40 ක් සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හිටපු යුද හමුදා නිලධාරියකු බවයි පොලිසිය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here