විවාහක සැමියාට නිඳි පෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් කාන්තාවක් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට පෙරේදා (06) දා පැමිණවීමෙන් අනතුරුව මෙම මස (15) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට තොරතුරු වාර්තාවනවා.

මෙලෙස අත්අඩංගුවට කැප්පෙටිපොළගේ නිර්මිතා යසාදරී නැමති (26) හැවිරිදි කාන්තාවකි.

මෙම සැකකාර කාන්තාව හා ඇගේ සැමියා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයන් ලෙස සේවයේ නියුතු පුද්ගලයන් බව සඳහන්.

මොවුන් දෙදෙනා පදිංචිව සිට ඇත්තේ මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ නිල නිවාසයකය.

අප්‍රේල් මස (13)  වන දින නිවසට පැමිණි තම සැමියාගේ කිරි තේ එකට නිඳි පෙති කළවම්කර දී ඇති මෙම කාන්තාව එම රෝහලේම සෞඛ්‍ය කාර්ය සහායකයෙක් ලෙස සේවය කරන අනියම් සැමියා යැයි කියන අයට දුරකතන ඇමතුමක් ලබා දී නිවසට ගෙන්වා ගත් බවට සැමියාගේ හා සැකකාර කාන්තාවගේ දෙමව්පියන් ඉදිරිපිට පාපොච්චාරණයක් කර ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here