අවදානම් සහිත ගල් ඉවත් කිරීම සඳහා අනිද්දා (28) නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීමට තීරණය කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසනවා.

එය වසා දමන වේලාව සම්බන්ධයෙන් ඉදිරියේ දි දැනුවත් කිරීමට නියමිත බවයි කියන්නේ.

එම ගල් ඉවත් කිරීම සඳහා පැය දෙකක පමණ කාලයක් අවම වශයෙන් ගතවනු ඇති බවයි එම සංවිධානය පවසන්නේ.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හමුවේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයට ගල් පෙරලීමෙ අවධානමක් පවතිනවා.

ඒ හේතුවෙන් එම කොටසේ රථවාහන ධාවනය කිරීමේ වඩාත් සැලකිලිමත් විය යුතු බව දැනුම් දෙනවා. කඩුගන්නාව මගහැර හැකිතාක් විකල්ප මාර්ග ඒ සඳහා භාවිතා කිරීම ඉතා වැදගත් බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here