අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රුපියල් කෝටි 30ක කප්පම් මුදලක් ඉල්ලූ බව විරාජිත් තාඹුගල වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ඔහුගේ නීතීඥයන් විසින් සඳහන් කර තිබේ.
දැනට රහස් පොලිසි සේවයේ සිටින හා විශ්‍රාම ගොස් සිටින නිලධාරින් පිරිසක් විසින් මෙම කප්පම් මුදල ඉල්ලු බවත් කෝටි 30ක කප්පම් මුදල වෙනුවට පසුව කෝටි 5 දක්වා අඩුකර ඉන් කෝටි 2ක මුදලක් අත්තිකාරම් වශයෙන් රහස් පොලිස් නිලධාරීන් විසින් ලබාගෙන ඇති බවත් එහිදී ඔවුන් සදහන් කලේය.
මේ සම්බන්ධයෙන් තම සේවාදායකයා අධිකරණයේ රහස් ප්‍රකාශයක් කිරීමට සූදානම් නිසා ඊට අවස්ථාව ලබා දෙන ලෙසද ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.