ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් හිමිකාරිත්වය දරනු ලබන ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාවේ පහසුකම ලබා ගැනීම සඳහා මෙරට

පාරිභෝගිකයින්ට පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව දැන් උදාවී ඇති බව (මැයි මස 27 වෙනිදා) සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

ආපසු ගෙවීමේ කොන්දේසිය මත ඇමෙරිකානු ඩොලර් 9 ක මුදලකට ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින්ට පෙර ඇණවුම් ලියාපදිංචිය කිරීමට අවස්ථාව ඇති බව ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දැක්වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඊලෝන් මස්ක් අතර හමුවක් පසුගිය මැයි මස 19 වෙනිදා ඉන්දුනීසියාවේ දී පැවැත්වුණි.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව යනු පෘථිවි පෘෂ්ඨයට සාපේක්ෂව ආසන්න කක්ෂයක් හෝ පහළ පෘථිවි කක්ෂය තුළ ස්ථාන ගත කර ඇති චන්ද්‍රිකා මත පදනම් වූ අන්තර්ජාල පද්ධතියකි.

ෆයිබර් ඔප්ටික් කේබල් භාවිතා කිරීම වෙනුවට ස්ටාර්ලින්ක්, අධික වේගයෙන් දත්ත හුවමාරු කිරීම සඳහා කුඩා, පහළ-කක්ෂීය චන්ද්‍රිකා දහස් ගණනකින් සැදුම්ලත් පද්ධතියක් භාවිත කරනු ලැබේ.

සරලව පැවසුවහොත්, ස්ටාර්ලින්ක් විසින් රේඩියෝ තරංග හරහා අන්තර්ජාල දත්ත, කක්ෂයේ ඇති චන්ද්‍රිකා වෙත යවන අතර, එය පෘථිවියේ විවිධ ප්‍රදේශවල සිටින පරිශීලකයින් වෙත යොමු කරයි.

ෆයිබර් ඔප්ටික් කේබල් වලට ළඟා විය නොහැකි දුරස්ථ ප්‍රදේශවලට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවට යොමු විය හැක.

ඇමෙරිකාවේ ස්ථාපිත එලොන් මස්ක්ගේ අභ්‍යවකාශ ප්‍රවාහන සමාගම වන SpaceX, පළමුව 2019 වසරේ මැයි මාසයේදී චන්ද්‍රිකා 60 ක් පහළ පෘථිවි කක්ෂයට යොමු කර ඉන් අනතුරුව 2020 වසරේ ඔක්තෝම්බර් මාසයේදී Starlink අන්තර්ජාල සේවාව ආරම්භ කළේය.

තාරකා විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් පවසන පරිදි 2024 අප්‍රේල් වන විට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 5,874ක් කක්ෂයේ තිබූ අතර ඉන් 5,800ක් තවමත් ක්‍රියාත්මකව පවතී.

ඉන්දුනීසියාවේ දුරස්ථ ප්‍රදේශ, දේශසීමා සහ දූපත් වල සෞඛ්‍ය මධ්‍යස්ථාන ගණනාවකට අන්තර්ජාල ප්‍රවේශය ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගීතාවයෙන් පැවැති සමාරම්භක උත්සවයට සමගාමීව ඊලෝන් මස්ක් ඉකුත්මැයි මස 19 වනදා බාලි හි ඩෙන්පසාර් හි ස්ටාර්ලින්ක් සේවාව දියත් කරනු ලැබීය.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ඉන්දුනීසියානු සාමාන්‍ය වෙළඳපොළට ඇතුළුවීම සමාජ මාධ්‍ය ඇතුළු මහජනතාව අතර උණුසුම් සංවාදමය මාතෘකාවක් බවට පත්විය.

ඉන්දුනීසියාවේ දුරස්ථ ප්‍රදේශ, දේශසීමා සහ දූපත් වල සෞඛ්‍ය මධ්‍යස්ථාන ගණනාවකට අන්තර්ජාල ප්‍රවේශය ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගීතාවයෙන් පැවැති සමාරම්භක උත්සවයට සමගාමීව ඊලෝන් මස්ක් ඉකුත්මැයි මස 19 වනදා බාලි හි ඩෙන්පසාර් හි ස්ටාර්ලින්ක් සේවාව දියත් කරනු ලැබීය.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ඉන්දුනීසියානු සාමාන්‍ය වෙළඳපොළට ඇතුළුවීම සමාජ මාධ්‍ය ඇතුළු මහජනතාව අතර උණුසුම් සංවාදමය මාතෘකාවක් බවට පත්විය.

ඉන්දුනීසියාවේ දුරස්ථ ප්‍රදේශ, දේශසීමා සහ දූපත් වල සෞඛ්‍ය මධ්‍යස්ථාන ගණනාවකට අන්තර්ජාල ප්‍රවේශය ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගීතාවයෙන් පැවැති සමාරම්භක උත්සවයට සමගාමීව ඊලෝන් මස්ක් ඉකුත්මැයි මස 19 වනදා බාලි හි ඩෙන්පසාර් හි ස්ටාර්ලින්ක් සේවාව දියත් කරනු ලැබීය.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ඉන්දුනීසියානු සාමාන්‍ය වෙළඳපොළට ඇතුළුවීම සමාජ මාධ්‍ය ඇතුළු මහජනතාව අතර උණුසුම් සංවාදමය මාතෘකාවක් බවට පත්විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජන මතු නොවන පරිදි රජය සාධාරණ ව්‍යාපාරික වාතාවරණයක් ප්‍රවර්ධනය කළ යුතු අතර ස්ටාර් හි දත්ත ගමනාගමනය නිරීක්ෂණය කළ යුතු බව නිරීක්ෂකයෝ විශ්වාස කරති.

ජනපති – මස්ක් අතර හමුවේ සිදුවුයේ කුමක්ද ?

10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී පැවැත්විණි.

එම සමුළුවට එක්වීම සඳහා ඉන්දුනීසියාව බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් අතර හමුවක් මැයි මස 19 වෙනිදා සිදුවිය.

එහිදී ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණි.

ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව ද ජනාධිපතිවරයා විසින් එහිදී අවධාරණය කෙරිණි.

මේ අතර පසුගියදා යාපනයේදී පැවති තරුණ සමුළුවේදී නගන ලද පැනයකට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දෙමින් ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවය පිළිබඳව කරුණු අනාවරණය කරන ලදී.

එහිදී නගන ලද පැනයට ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු ලබා දෙන ලදී,

“මම ඊලොන් මස්ක් සමඟ ගෝලීය “Starlink” ජාලය ශ්‍රී ලංකාව හා සම්බන්ධ කිරීම පිළිබඳව සාකච්ඡා කළා. “Starlink” සමඟින් කොළඹින් පිටත Wi-Fi ප්‍රශ්නය බොහෝ දුරට විසඳෙනවා.”

“ඒ වගේම ඔහු සමඟ අප රට සතු පුනර්ජනනීය බලශක්තිය විශේෂයෙන්, සූර්ය බලශක්ති විභවය පිළිබඳව ද සාකච්ඡා කළා.”

“අපේ රටට වැදගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔහුට මෙරටට පැමිණෙන ලෙස මා ආරාධනා කළා.”

“ඒ වගේම ”Starlink” ජාලය ගැන සොයා බලන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ද ඉල්ලීමක් කර තිබෙනවා.”

“බොහෝ දුරට එහි වැඩකටයුතු අවසන් වී තිබෙනවා. ඉතිරිව ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අදහස් ලබාගෙන අනුමැතිය ලබා ගැනීම පමණයි.” ජනාධිපතිවරයා කියා සිටියේය.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවයේ මිල ගණන් දැරීමට පුළුවන්ද ?

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවය පිළිබඳව මෙරට ජනතාව අතර උනන්දුවක් පැවතුනද එහි මිල ගණන් අනුව එය මෙරට පාරිභෝගිකයින්ට සේවාව ලබා ගැනීමේ හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සයිබර් ආරක්ෂක විශේෂඥවරයෙකු වන අසේල වෛද්‍යලංකාර ගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු කියා සිටියේ මාසිකව ගෙවන ගාස්තුවට අමතරව ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම ලබා ගැනීම සඳහා අවශ්‍ය උපාංගයන් සඳහා වෙනම මුදලක් දැරිය යුතු බවයි.

“මේක ජාත්‍යන්තර සේවාවක්, ලංකාවට එන එක හොදයි. හැබැයි තවමත් මේක තියෙන්නේ රේගුයලේටරි ඇප්රුවල් පෙන්ඩින් එකේ.”

“එක්සත් ජාතීන්ගේ සංවිධාන යටතේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර විදුලි සංදේශන සමාගම විසින් 2021 හෝ 2022 වසරේදී කරපු සමීක්ෂණයකට අනුව ලෝකයේ අඩුම අන්තර්ජාල සේවා පහසුකම් අවම මිලකට ලබා ගත හැකි රටක් හැටියට ලංකාව නම් කර තිබෙනවා.”

“මෙරට සාමාන්‍ය නිවසකට හෝ පුද්ගලයෙකුට දැරිය හැකි මුදලකට මෙම සේවාව ලබා ගත හැකි වේවිදැයි යන ප්‍රශ්නය ගැන අපට හරියට කියන්න බැහැ.”

“කීදෙනෙකුට ඒ වෙනුවෙන් ලබා දෙන සේවාව වෙනුවෙන් මුදලක් දරන්න පුලුවන්ද කියන ගැටලුව තිබෙනවා.”

“මේකේ මාසික ගාස්තුවට අමතරව, යුනිට් කොස්ට් එක රුපියල් 80,000-90,000ක් වගේ වෙන්න පුළුවන්.”

“ලංකාවේ ස්ටාර්ලින්ක් ඔෆිස් එකක් නැති නිසා අපි දන්නේ නැහැ ඒ අය මේ යුනිට් එක පොස්ට් එකේ එව්වොත් කස්ටම් එකෙන් කොච්චර බදු මුදලක් අය කරයිද කියලා ඒකට.”

“ලංකාවේ සාමාන්‍ය අන්තර්ජාල පහසුකම් සපයන ආයතනයකට පාරිභෝගියෙකුට ගිහිල්ලා Wi-Fi සබඳතාවයක් ගන්න පුළුවන් පොඩි මුදලක් වියදම් කරලා. එතකොට තමන්ට අවශ්‍ය සේවාව මොකක්ද කියලා තීරණයක් ගන්න පාරිභෝගිකයාට අයිතිය තියෙනවා.”

“දකුණු ආසියාවේ රටවල්වල ජනතාව සේවා පහසුකම් ලබා ගැනීමේදී මිල සම්බන්ධයෙන් සංවේදී වෙනවා.”

“උදහරණයක් විදිහට ඉන්දුනීසියාවට ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම් සේවාව ලබා ගැනීමේදී ඔවුන්ගේ ස්ථාවර මිලට වඩා ගාණක් අඩු කළා.” 

“මොකද ඉන්දුනීසියාවේ අන්තර්ජාල පහසුකම් ලබා ගන්න සිටින පිරිස විශාලයි. ලෝකෙන්ම දෙවැනියට හෝ තුන්වැනියට ඉන්න විශාලම අන්ත්ජාල පාරිභෝගිකයින් පිරිස සතුවන්නේ ඉන්දුනීසියාවට.”

“නමුත් ලංකාවේ අන්තර්ජාල සේවාවන් ලබා ගන්නා පිරිස මිලියන 10ක් වගේ පිරිසක් නිසා ස්ටාර්ලින්ක් සේවාව සඳහා වන ස්ථාවර මිල ගණන් අඩු කරන්න පුලුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ මේ සම්බන්ධයෙන් කරන ඉල්ලීම් මතයි. ඒක කරන්නේ රජයෙන්.” ඔහු කියා සිටියේය.

ස්ටාර්ලින්ක් සේවාව හරහා දත්ත ආරක්ෂිතයි ද ?

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව හේතුවෙන් දත්ත ආරක්ෂාවට ගැටළු මතුවේද යන්න පිළිබඳව කතිකාවතක් ඉස්මතු වූ අතර ඒ පිලිබඳව ද බීබීසී සිංහල සේවය විසින් සයිබර් ආරක්ෂක විශේෂඥ අසේල වෛද්‍යලංකාර ගෙන් විමසුවිට ඔහු ඊට ලබා දුන්නනේ මෙවන් පිළිතුරකි.

“ස්ටාර්ලින්ක් අන්තර්ජාලය සමග සම්බන්ධවෙන්න පහසුකම් සපයන තවත් සේවාවක් විතරයි.”

“ස්ටාර්ලින්ක් එක සබඳතාවය ලබාදීමේදී සහ බිල්පත් අය කිරීමේදී පාරිභෝගිකයින්ගේ යම් දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.”

“හොඳම උදාහරණය තමයි ස්ටාර්ලින්ක් එක පාවිච්චි කරනවා යුක්‍රේන්වල. රුසියාව තමන්ගේ බේසික් කමියුනිකේෂන් ඉන්ටර්සෙප් කරයි කියන බයට තමයි යුක්‍රේනය ස්ටාර්ලින්ක් පාවිච්චි කරන්නේ.”

“ඇත්තටම දත්ත ආරක්ෂාව සහ ඒවායේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.” ඔහු කියා සිටියේය.

මේ අතර මෙරට අන්තර්ජාල පහසුකම් ලබා දීමට අපහසු ස්ථාන වලට ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම් සේවාව ලබා ගැනීමේ හැකියාව පැවතීම වටිනා බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

“ලංකාවේ මුහුදු සීමාවේ අන්තර්ජාල පහසුකම් සීමාවෙන් ඔබ්බට ගියාම නාවුක හමුදාවේ යාත්‍රා වලට වගේම බහුදින ධීවර යාත්‍රා වලට මෙම ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම වැදගත් වනවා.”

“ඒ වගේම අන්තර්ජාල පහසුකම් ලබා දීමට නොහැකිව තිබෙන ග්‍රාමීය ස්ථාන වලට මෙම සේවාව හරහා ඒ පහසුකම් ලබා ගන්න පුළුවන්.”

“ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයේ දියුණුව ගැන අවදානය යොමු කර තියෙනවා. ඒ නිසා සංචාරකයෙක් ලංකාවට එද්දී ඔහුගේ ස්ටාර්ලින්ක් උපාංගය ගෙන එනවනම් ගුවන් තොටුපොලේදී විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වගේම රේගුව කටයුතු කළ යුතු ආකාරය ගැනත් අවධානය යොමු කරලා අවශ්‍ය කටයුතු කිරීම වැදගත්.” සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර කියා සිටියේය.

ස්ටාර්ලින්ක් සේවාව ලංකාවට වැදගත් වන්නේ කොහොමද ?

ස්ටාර්ලින්ක් සේවාව ලංකාවට වැදගත් වන්නේ කෙසේදැයි බීබීසී සිංහල විසින් විද්‍යා ලේඛක සහ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන ගෙන් විමසීමක් කළේය.

ඔහු ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.”ඊලොන් මස්ක්ගේ Starlink සමාගම දැනටමත් ලෝකයේ රටවල් ගණනාවකට චන්ද්‍රිකා ජාලයක් හරහා ඉන්ටර්නෙට් සේවය ලබා දෙනවා.”

“ආසියා පැසිෆික් කලාපයේ මෙම සේවාව ලබන රටවල් වන්නේ ජපානය, මොන්ගෝලියාව, ෆිලිපීනය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයයි. එයට අලුතෙන්ම එකතු වූයේ ඉන්දුනීසියාවයි. දකුණු ආසියාවේ අපේ අසල්වැසි කිසිඳු රටක් මේ දක්වා Starlink සේවාව දේශීය වශයෙන්ම අනුමත කොට නැහැ.”

“එහෙත් ශ්‍රී ලංකාව ඇතුළු සියලු දකුණු ආසියානු රටවල් මේ දිනවල නියාමන මට්ටමෙන් විමර්ශනය කරමින් සිටිනවා.”

“ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් (TRC) බලපත්‍ර ලබා ගෙන මෙරට තුළ ඉන්ටර්නෙට් සේවා සපයන සමාගම් කිහිපයක්ම (internet service providers, ISP) දැනට ක්‍රියාත්මකයි.”

“වෙළඳපොළ තරගකාරීත්වය නිසා ඔවුන් පාරිභෝගිකයන් අය කරන ගාස්තු යම් මට්ටමක පවතිනවා. එසේම එම ගාස්තු TRC නියාමනයට යටත්.”

“අලුත් සමාගමක් මෙම ක්ෂේත්‍රයට පිවිසීමට පෙර දැනට පවතින සමාගම්වලට වඩා වැඩි අගයක් ලබා දෙන්නේ කුමනාකාරයෙන්ද (value-addition) යන්න සීරුවෙන් තක්සේරු කළ බැලිය යුතුයි.”

“දේශීය බෙදා හැරීමේ ජාලයකින් තොරව, Starlink සමාගම සෘජුවම චන්ද්‍රිකා හරහා එන තරංග මාර්ගයෙන් ඉන්ටනෙට් සබඳතා ලබා දෙන විට එය දේශීය නියාමන රාමුවට නතු වීම තහවුරු කළ යුතුයි.”

“එමෙන්ම ප්‍රකාශ තන්තු (fibre optics) හෝ ජංගම දුරකථන කුළුණු හෝ හරහා භෞමිකව ඉන්ටනෙට් සේවා ලබා දෙන දැනට ක්‍රියාත්මක සමාගම්වලටත්, Starlink සමාගමටත් සමබිමක් (level playing field) ලබා දීම නියාමන කොමිසමේ වගකීමයි.”

“දැනට ශ්‍රී ලංකාවේ ඉන්ටනෙට් භාවිත කරන්නන්ගෙන් බහුතරයක් එසේ කරන්නේ smartphones හරහායි.”

“Starlink සේවාවේ මුල් අදියරේදී සෘජුවම ජංගම දුරකථනවලට සේවාව ලබා ගත නොහැකි වුවත්, දෙවැනි අදියරේදී (2024 පටන්) එම හැකියාව විවෘත වී තිබෙනවා. එහෙත් දැනට මේ Starlink සේවය ක්‍රියාත්මක හැම රටකම පාහේ ඒ හරහා ඍජුවම ජංගම දුරකථනවලට ඉන්ටර්නෙට් ලබා ගැනීමට යන වියදම, ඒ වෙළඳපළවල ක්‍රියාත්මක වන භෞමික දුරකථන සමාගම් අය කරන ගාස්තුවලට වඩා සැලකිය යුතුයි මට්ටමින් වැඩියි.”

“භෞමිකව ක්‍රියාත්මක වන ජංගම දුරකථන සේවා කිසිවක තරංග ආවරණය නොලබන පෙදෙස් ශ්‍රී ලංකාවේ තවමත් තිබෙනවා.”

“එවැනි ප්‍රදේශවලට පවතින සේවා ව්‍යාප්ත කිරීමට යන ප්‍රාග්ධන වියදම වැඩියි. එය වෙනුවට චන්ද්‍රිකා හරහා Starlink ජංගම දුරකථන සහ ඉන්ටර්නෙට් සේවා ලැබිය හැකි නම් හොඳයි. එහෙත් එම සේවා ගාස්තු අපේ පාරිභෝගිකයන්ට දරා ගත හැකි මට්ටමක තිබිය යුතුයි.” ඔහු කියා සිටියේය.

සැටලයිට් අන්තර්ජාල පහසුකම් ලබා දීමේ නීති පද්ධතියක් ලංකාවේ නැහැ

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවය ශ්‍රී ලංකාවට සිය සේවාවන් සැපයීම සම්බන්ධයෙන් පවතින නවතම තත්ත්වය කුමක්දැයි බීබීසී සිංහල විසින් තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් ගෙන් විමසීමක් කළේය.

ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ස්ටාර්ලින්ක් වැනි චන්ද්‍රිකා තාක්ෂණය හරහා අන්තර්ජාල පහසුකම් සැපයීමේ සේවාවන් සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සැකසීමට අවශ්‍ය කටයුතු ගැන උපදෙස් ලබා ගනිමින් සිටින බවය.

“විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට ස්ටාර්ලින්ක් ආයතනයෙන් ඉල්ලුම් පත්‍රයක් යොමු කරලා තිබෙනවා.”

“මේ ඉල්ලුම් පත්‍රය අපි සලකලා බලනවා. මොකද මේ සැටලයිට් අන්තර්ජාල පහසුකම් ලබා දෙන එකට අදාළ නීති රෙගුලාසි මොකුත් නැහැ. නීතියකුත් නැහැ, ගාස්තු අය කිරිමේ ක්‍රමවේදයකුත් නැහැ. මේක ප්‍රථම වතාවට අපිට එන නිසා.”

“ලෝකයේ වෙනත් රටවල් අනුගමනය කරන ක්‍රමවේදය ගැන අධ්‍යනයක් කරනවා. ඒ වෙනුවෙන් අපිට ලෝක බැංකුව වගේම ජාත්‍යන්තර ටෙලිකොම් සංගමයෙන්.”

“ඒ අයගේ උපකාරයෙන් රෙගුලාසි ටික හැදුවට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඉක්මණින්ම අවශ්‍ය අවසරය ලබා දෙන්න ඔවුන්ට.” අමාත්‍යවරයා පැවසුවේය.

(උපුටා ගැනීම – BBC සිංහල සේවය )



1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here