2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ පුහුණු තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව පුහුණු තරග මැයි 27 වැනිදා සිට ජූනි පළමු වැනිදා දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහී දී පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.

පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරග දෙක පැවැත්වෙන්නේ නෙදර්ලන්තයට හා අයර්ලන්තයට එරෙහිවයි.

ඒ අනුව නෙදර්ලන්තයට එරෙහි තරගය එළඹෙන 28 වැනිදා ද, අයර්ලන්තයට එරෙහි තරගය එළඹෙන 31 වැනිදා ද ෆ්ලොරිඩා හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here