හොරණ හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේදී අද සිදු වී වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර වෙඩික්කරු රටින් පළායාමට උත්සාහ ගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.
මෙම වෙඩිතැබීමෙන් 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකු තුවාල ලැබුවා.
තුවාල ලැබූ ව්‍යාපාරිකයා සහ තවත් පාර්ශ්වයක් අතර ඇතිවූ පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.
කැබ්රථයකින් ගමන්කරමින් සිටි එම ව්‍යාපාරිකයාට මෙම සැකකරු සකූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.